අනතුරකින් එකම පවුලේ 8ක් මරුට



සෞදි අරාබියේ සිදු වු අනතුරකින් පුද්ගලයන් නව දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර, එක් මෝටර් රථයක සිටි එකම පවුලේ අට දෙනා සහ අනිත් මෝටර් රථයේ සිටි රියදුරු අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත.

ඊද් අල් අදා උත්සවය නිමිත්තෙන් හොටාට් බානි තමීම් නගරයේ ඥාතීන් බැලීම සඳහා යමින් සිටින අවස්ථාවේදි අනතුර සිදු වී ඇත.

රියාද් නුවරට කිලෝමීටර් 160 දකුණු දෙසින් පිහිටි නගරයක අනතුර සිදු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS