අධිකරණය සොව පළ කරයි



සෞදි රාජකීය අධිකරණය අබ්දුල්රහමන් බින් අබ්දුලසිස් අල්-සවුඩ් කුමරුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

1931දී උපත ලබා ඇතිඅබ්දුල්රහමන් බින් අබ්දුලසිස් අල් සවුඩ් කුමරු උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පාසලකට ඇතුලත් වී ඇති අතර පසුව සැන්ඩියාගෝ නුවර පිහිටා ඇති හමුදා පාසලෙන් හමුදා පුහුණුව ලබා ඇති බව වාර්තා වේ.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් වන ව්‍යාපාර හා ආර්ථික විද්‍යායතනයෙන් උපාධිය ලබාගෙන ඇත.

අභාවප්‍රාප්ත ෆාහඩ් බින් අබිදුල්ලාසිස් අල්-සවුද් රජුගේ පාලන කාලයේදි ආරක්ෂක හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස 1983 දි පත් කර ඇති අතර 2011 නොවැම්බර් 5 වන දින තෙක් තනතුර දැරීය.         

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS