අධි-තාක්ෂණික හෙලිකොප්ටරයක්




ඩුබායි පොලීසියට AW139 වර්ගයේ අධි-තාක්ෂණික හෙලිකොප්ටරයක් ලබා දී ඇති බව වාර්තා වේ.

මුදවා ගැනීමේ මෙහෙයුම්, හදිසි ප‍්‍රවාහන කටයුතු සහ මෝටර්රථ හැසිරවීම සඳහා හෙලිකේප්ටරය යොදාගන්නා බවත්, අධි-තාක්ෂණික කැමරා සහ උපකරණ රාශියකින් සමන්විත වන බව ඩුබායි පොලිසිය ප‍්‍රකාශ කළේ ය.

ලෙනාඩෝ හෙලිකොප්ටර්ස් සමාගම නිෂ්පාදනය කරනු ලබන AW139 වර්ගයේ හෙලිකොප්ටරය ලෝකයේ වඩාත්ම නවීන හා කාර්යක්ෂම හෙලිකොප්ටර් වර්ග වලින් එකකි.

ඉහළම ආරක්‍ෂිත ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇති අතර එය ලොව වේගවත්ම හෙලිකොප්ටරය ලෙස සැලකේ.

 

ජානක ප‍්‍රියදර්ශන ජයතිලක

(ඩි.ජි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS