අධි-තාක්ෂණික ඉලෙක්ට්‍රොනික් කුරාණයක් එළිදකියි



ඕමාන සුල්තාන්, කුබුස් බින් සෙයිඩ්ගේ සහය ඇතිව අධි-තාක්ෂණය භාවිතා කර ඉලෙක්ට්‍රොනික් කුරාණයක් එළිදක්වා ඇති බව වාර්තා වේ. 

එය මස්කට් ඉලෙක්ට්‍රොනික් කුරාණය යනුවෙන් නම් කර ඇත. 

මස්කට් ඉලෙක්ට්‍රොනික් කුරානය එළිදැක්වීමේ උත්සවයට ඕමාන සංස්කෘතික සහ උරුමයන් අමාත්‍ය, සයිඩ් හයිතම් බින් තාරික් අල්-සෙඩ් සහභාගි විය. 

අල්-අසාර් නුවර පිහිටා ඇති ඉස්ලාම් පරියේෂණ ඇකඩමිය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මඟින් වසර තුනක පමණ කාලයක් ඉලෙක්ට්‍රොනික් කුරාණය අධීක්ෂණයට ලක් කර ඇති බව වාර්තා වේ. 

විවිධ අංශයන් සහ භාවිතා කරන ලද තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉලෙක්ට්‍රොනික් කුරාණය අනුමත කිරීම සඳහා විශේෂ කමිටුව විශාල පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තා වේ. 

මස්කට් ඉලෙක්ට්‍රොනික් කුරාණය නිර්මාණය කිරීම සඳහා දායක වු ආචාර්ය තෝමස් මිලෝ එහි ඇති  විශේෂත්වයන් පිළිබඳව දේශනයක් කළේය. 

ශුද්ධ වු අල්-කුරාණය ලිවීමේදි සංකීර්ණ ව්‍යාකරණ සහ ලිවීමේ නීතිරිති අඩංගු කර ඇති බැවින් සමහර අවස්ථාවන් වලදී තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS