අදහස් දැක්වූ අම්මා අත්අඩංගුවේ



සුබේදියා නමැති තම දියණිය වධබන්ධනයන්ට ලක් කෙරුණු බවත්, ඇය පසුගිය වසරේ සිට අතුරුදන් බවත්, බී.බී.සී. පුවත් සේවය සමඟ අදහස් පළ කළ මවක ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඊජිප්තු පොලිසිය පවසා ඇත්තේ සුබේදියා නමැත්තියගේ මව අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්න කිරීම් සඳහා බවය. ඇය දින 15 ක් රැඳවුම්භාරයේ තබා ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

සුබේදියාගේ මව ඇගේ දියණිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ පසුගිය සතියෙය්. සුබේදියා අතුරුදන්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය.

තමන් පුද්ගලයන් වධ බන්ධනයට නොකකරන බවත්, අතුරුදන් නොකරන බවත් ඊජිප්තු රජය තරයේ කියා සිටී. බී.බී.සී. ඊජිප්තු සේවය පළ කළ වාර්තාව අසත්‍ය එකක් බවත් ගෙතූ කථාවක් බවත් ඊජිප්තු ආරක්ෂක අංශ පැහැදිලි කරයි. ඒ සම්බන්ධයෙන් වහාම සමාව ඉල්ලන්නැයි ද ඊජිප්තු රජය බී.බී.සී. ඊජිප්තු ගුවන් විදුලි සේවයට බල කර ඇත.

සුබේදියා ඊජිප්තු රජය විසින් තහනම් කරනු ලැබ ඇති ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන පක්ෂයේ සාමාජිකාවකි. ඊජිප්තු රජය මෙම පක්ෂයේ නායකයන් ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්තවාදීන් යැයි චෝදනා ලැබ ඊට වරදකරුවන් වූ මුස්ලිම් සහෝදරත්ව පක්ෂ සාමාජිකයන්ට මරණ දඬුවම පවා හිමිවිය.

(බී.බී.සී.)


RECOMMEND POSTS