අතුරුදන්වූවන්ගේ සිරුරු හමුවෙලා



ඉරාකයේදී අතුරුදන් වූ බව කියූ ඉන්දීය ජාතිකයන් 39 දෙනාගේ මළ සිරුරු හමු වී ඇතැයි ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහතා ඊයේ (20) එරට පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

අතුරුන්දන් වූ බව කියූ එම ඉන්දීය ජාතිකයන් 39 දෙනා ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානය විසින් පැහැර ගන්නට ඇතැයි පැවැසුණු අතර ඔවුන් සියලු දෙනා මියගොස් ඇති බව සහතික කළ හැකි බව ද විදේශ ඇමතිනිය කීවාය.

“මට සහතිකවම කියන්න පුළුවන්. මීට වසර හතරකට පෙර ඉරාකයේදී අතුරුදන් වූ ඉන්දීය ජාතිකයන් 39 දෙනා මියගිහින්. ඔවුන්ගේ මළසිරුරු හමු වී තිබෙනවා. අදාළ සම්පූර්ණ තහවුරු කිරීම්වලට අනතුරුව ඒ සම්බන්ධයෙන් තොරතුරු පවුල්වලට ලබාදෙනවා” යැයි ද විදේශ ඇමතිනිය පාර්ලිමේන්තුව අමතමින් පැවැසුවාය.

(එන්.ඩී.ටීවි)


RECOMMEND POSTS