අතුරුදන් සිවුදෙනා ගැන කියන්න



සෞදි අරාබිය විසින් ‘අතුරුදන් කළ’ කටාර් වැසියන් සිවුදෙනා සිටින්නේ කොහෙදැයි වහා හෙළි කරන ලෙස කටාර් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් සෞදි අරාබියට දන්වා ඇත.

මෙම කටාර් ජාතිකයන් සිවු දෙනා ‘අතුරුදන් කර’ ඇතැයි පැවැසෙන්නේ පසුගිය මැයි මාසයේ සිටය. ඒ අවස්ථා හතරකදීය. මොවුන් ගැන හෝඩුවාවක් ලබා දෙන්නැයි සෞදියට බල කර සිටින්නේ දෝහා කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා ඇති ජාතික මානව හිමිකම් සුරැුකීමේ මණ්ඩලයයි.

සෞදි රජය මෙම සිවුදෙනා ‘අතුරුදන්’ කර ඇත්තේ, මාධ්‍යවේදී ජමාල් කාශෝගී අතුරුදන් කළ ආකාරයට යැයි ද ජාතික මානව හිමිකම් සුරැකීමේ මණ්ඩලය චෝදනා කර ඇත.

අල් ජසීරා


RECOMMEND POSTS