අතිරික්ත ආහාර දුප්පතුන්ට



හජ් වන්දනාකරුවන්ට බෙදා දීම සඳහා හජ් ආයතන මඟින් ලබාදුන් ආහාර ටොන් 146.91ක් ඉතිරි වී ඇති අතර එම ආහාර මක්කම නුවර ජීවත්වන දුප්පත් ජනතාව අතර බෙදාදීමට සුභසාධන සමිති තීරණය කර ඇත.

අහාරවල මුළු වටිනාකම සෞදි රියාල් මිලියන 2.56ක් වන බවත් දෙලක්ෂ හැටහත්දහසක් (267,000) අතරේ ආහාර බෙදා දීම සඳහා බෙදාදීමේ මධ්‍යස්ථාන 47ක් පිහිටුවා ඇති බව ඉක්‍රම් සුභසාධන සමිතියේ සභාපති, අහමඩ් අල්-මට්‍රාෆි ප්‍රකාශ කළේය. 

මෙතරම්ආහාරප්‍රමාණයක් ලැබුණු පළමු අවස්ථාව බවත් දුප්පතුන් අතරේ පමණක් ආහාර බෙදාදීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS