අත්‍යාවශ්‍ය ත්‍රස්තයෝ 40 ක් මාධ්‍යයට



සෞදි අරාබිය තුල ත්‍රස්තවාදි ක්‍රියාවන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය දීම සඳහා වගකිය යුතු යේමන හවුදි ත්‍රස්තවාදීන් 40කගේ නම් ලයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කළ බව නිවේදනයක් මඟින් සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30දක්වා මුදලක් ලබාදෙන බව නිවේදනයේ සඳහන් කර ඇත. 

සෞදි ත්‍රස්ත විරෝධි රේගුලාසීන්ට අනුව සහ සිදුකර ඇති ත්‍රස්ත ක්‍රියාවන් සැලකිල්ලට ගනිමින්  ත්‍රස්තවාදීන් 40දෙනා අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ප්‍රකාශයට පත් කළ බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

තොරතුරු සපයන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් නිසි ක්‍රමවේදයක් යටතේ තොරතුරු ආරක්ෂා කිරීමට සෞදි රජය බැදී සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS