අත්තම්මා කොරෝනාවෙන් ජය ගනියි



කොරෝනා වෛරසය ආසාදනය වූ 107 හැවිරිදි ඉරාන කාන්තාවක් සුවය ලබා ඇති බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සල්තානාත් අක්බරි නම් ඉරාන කාන්තාව මධ්‍යම අරක් නගරයේ කන්සාරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර, අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මේවනවිට ඉරානයේ ආසාදිතයන් සංඛ්‍යාව 135,701ක් වන අතර, ජිවිතක්ෂයට පත් ව ඇති සංඛ්‍යාව 7,417 ලෙස වාර්තා වේ.

දැනට කොරෝනා ආසාදිතයන් 105,801 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS