අත්අඩංගුවට ගන්නැයි නියෝග



ඉරාක රජයේ දැඩි විරෝධය මැද, ඉරාක ව්‍යවස්ථාවට පටහැනි අයුරින්, එරට කුර්දිස්තාන පළාතේ, පැවැත්වුණු ජනමත විමසුම සංවිධානය කළ සහ ඊට සම්බන්ධ වුණු කුර්දි පාලකයන් සහ මැතිවරණ සියල්ලන්ම අත්අඩංගුවට ගන්නැයි ඉරාක ෆෙඩරල් අධිකරණයක් නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ බැග්ඩෑඞ්හි රුසාෆා අධිකරණයයි. කුර්දිස්තානය යනු ඉරාකය තුළ පිහිටි විශාල ප්‍රාන්තයකි. එය අයත් වන්නේ ඉරාකයටය. කුර්දිස්තානයේ බහුතරය කුර්දිවරුන් වන අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඉරාකයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමටය.

ඉරාක ව්‍යවස්ථාවට පටහැනි හෙයින්, පැවැති ජනමත විමසුම නීති විරෝධී යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි පවසා ඇති නමුත් කුර්දි පාලකයන් පවසන්නේ ජනමත විමසුම නීත්‍යාණුකූල බවය. ජනමත විමසුමෙන් අනාවරණය වූයේ කුර්දිස්තානයේ බහුතරය ඉරාකයෙන් වෙන්වී වෙනම රටක් වීමට කැමැති බවය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS