අත්අඩංගුවට ගත් පිරිසට සමාව



නීති නිලධාරීන් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු, මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටි සෞදි කුමාරවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනකුට සමාව හිමිවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ඇතිකරගත් එකඟතාවකට අනුව, සමාව ලබා දීම සිදුවන බව සෞදි නීතිපති මාධ්‍ය හමුවේ තහවුරු කර තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ අභිනවයෙන් ස්ථාපිත කළ දූෂණ මැඩලීමේ ඒකකය විසින් චෝදනා ගොනු කිරීමෙන් පසුවය. ඒ, මීට සති කිහිපයකට පෙර සිටය.

අත්අඩංගුවට ගත් පිරිස 500 කට ආසන්නය. ඔවුන් කවුරුදැයි යන්න මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. පිරිස අතරේ රජයේ ඇමැතිවරුන් සහ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බව පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS