අගෝස්තුවේ 26,333ක් ගිහින්



ඕමානයේ සේවය කර විදේශ ශ්‍රමිකයන් 26,333ක් මාසයක් ඇතුලත (අගොස්තු) රටින් පිටවී ගොස් ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව නිවේදනය කළේය.

සමස්ථ ජනගහනය මිලියන 1.46ක් වුවත්එම කාලය තුල ජනගහනය 0.43%කින් අඩු වී ඇති බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

මස්කට් නගරයේ විදේශ ශ්‍රමිකයන් 922,309ක්ද ඕමාන ජාතිකයන් 546,362ක් දැනට ජීවත් වෙයි. 

පෞද්ගලික අංශයේ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 4.1%කින්ද රාජ්‍යය අංශයේ 2.6%කින් අඩු වී ඇත. 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 8.5%කින් අඩු වී ඇති අතර සංඛ්‍යාත්මකව 581,142ක් වේ.

පෞද්ගලික වාහන ලියාපදිංචිකිරීම පසුගිය වසරේ (2017) අගොස්තු මාසය සමඟ සංසන්දනය කිරීමේදි 45.6%කින් මෙම වසරේ (2018) අගෝස්තු මාසයේදි අඩු වී ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS