අගමැති මහතීර් ඉරානය වෙනුවෙන් කතා කරයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවා, ඉරානය හුදෙකලා කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් යැයි මැලේසියා අගමැති මහතීර් මොහොමද් කියයි.

ආචාර්ය මහතීර් මොහොමද් මෙසේ අදහස් දක්වා සිටියේ, දෝහා කටාර් හි පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් විශේෂ දේශනයක් පවත්වද්දීය. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූයේය.

‘ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක මැලේසියාව අනුමත කරන්නේ නැහැ. එය අන්තර් ජාතික නීති උල්ලංඝනය කිරීමක් බව පැහැදිලියි’ යැයි අගමැති මහතීර් මොහොමද් පැහැදිලි කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS