අගමැති නෙදන්යාහුට අධි චෝදනා



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට එරට නීතිපතිවරයා පියවර ගෙන ඇත.
නීතිපතිවරයා අගමැති නෙදන්යාහුට එරෙහිව අල්ලස් ගැනීම්, වංචා සහ දූෂණ පමණක් නොව ජනතා විශ්වාසය කැඩීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව නඩු තුනක් පවරා ඇති බව පැවැසෙයි.

අගමැති නෙදන්යාහු ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් තෑගි ලබා ගෙන ඇති බවටත්, සුබවාදී මාධ්‍ය ආවරණයක් වෙනුවෙන් මාධ්‍ය ආයතන සමඟ ගනුදෙනු සිදු කර ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

අගමැති නෙදන්යාහු ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. නෙදන්යාහු පවසා ඇත්තේ මෙය තමන් බලයෙන් නෙරපීමට කළ කුමන්ත්‍රණයක් බවය.

කිසිම චෝදනාවකට තමන් බියක් නොදක්වන බවත්, තමන් ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් නෙදන්යාහු අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS