අගමැති නෙදන්යාහු නැති ප්‍රශ්න ඇති කරනවා



ධුරය රැකගැනීම සඳහා ජනතාව මුලා කිරීමට නැති ප්‍රශ්න ඇති කරනවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට හිටපු ඊශ්‍රායල අගමැතිවරයකු වන එහුද් බැරැක්ගෙන් චෝදනා එල්ල වෙයි.

පැරැණි ජෙරුසිලම නගරයේ පිහිටි ශුද්ධ වූ අල් අක්සා මුස්ලිම් පල්ලිය මුල්කොට ගනිමින් පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ හටගත් ගැටුම එසේ හිතාමතා නිර්මාණය කළ අර්බුදයක් යැයි හිටපු අගමැතිවරයා පෙන්වා දෙයි.

වත්මන් අගමැති බෙන්ජමින් නෙදන්ටාහුට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අගමැතිවරයා විසින් යට ගසා ඇති බවත්, එල්ල වී ඇති එම චෝදනා සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණ ඇතිව නෙදන්යාහු උත්සාහ ගන්නා බව හිටපු අගමැති එහුද් බැරැක් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS