අක්‍රමිකතා සිදුකර වසර 32 හිරේ යයි



සෞදි නිලධාරීන් පස්දෙනෙක් මූල්‍ය සහ පරිපාලන අක්‍රමිකතා සිදුකිරීම හේතුවෙන් වසර 32ක සිරදඩුවම් හිමි වී ඇති බව වාර්තා වේ.

මහජන මුදල් නාස්ති කිරිමේ චෝදනාවලට වරදකරුවන් කරමින්සෞදි රියාල් මිලියන 9 ක දඩ මුදලක් අධිකරණය නියම කළේය.

වැරදි කළමනාකරණය, වංචා සිදුකිරීම, රජයේ දේපළ විකිණීම සහ රැකියාව අනිසි ලෙස භාවිතා කිරීම යන චෝදනාවලට රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය නිලධාරීන් පස්දෙනාට විරුද්ධව සාක්ෂි 300ක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පුද්ගලික බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගැනීමටද කටයුතු කර ඇත.

අල්ලස් ලබාගැනීම, වංචාසිදුකිරීම සහ පෞද්ගලික වාසි ලබාගැනීමට රැකියාව අයථා ආකාරයෙන් භාවිතා කිරීම යන චෝදනාවලට එක් නිලධාරියෙක් වරදකරු කරමින් වසර 12 සිරදඩුවමක් සහ සෞදි රියාල් මිලියනයකට වැඩි දඩයක් අධිකරණය නියම කර ඇත.

ලියවිල්ලක් ව්‍යාජ ලෙස සකස් කිරීම, අල්ලසක් ලබා ගැනීම සහ ළඟ තබා ගැනීම සහ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වීම යන චෝදනාවලට වැරදිකරු කරමින් තවත් නිලධාරියෙකුට සිරදඩුවම් සහ දඩ නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS