අකමැත්තෙන් වීසා දෙන්න වෙලා



කටාර් සිට පැමි‍ණෙන සංචාරකයන්ට අකමැත්තෙන් වුවත් වීසා ලබා දීමට බහරේන් රාජ්‍යය තීරණය කර ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

බහරේනය ද සවුදියට සහාය පළ කරමින් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිටුවූ රාජ්‍යයකි.

බහරේනය පමණක් නොව කටාර් රාජ්‍යය ද ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ සාමාජිකයකි. ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය රටවල් 6 කින් සමන්විත වෙයි.

ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ සාමාජික රටක වැසියන්ට වීසා නොමැතිව හෝ සෙසු සාමාජික රටකට යෑමට හැකියාව ඇත.

මේ හේතුව නිසා කටාර් රාජ්‍යයේ ද ගල්ෆ් සහයෝගීතා මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත යුතු යැයි බහරේන් රජය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS