NAYAKENS BOWLING CHAMPIONSHIP 2017



 

ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ කටාර් ශාඛාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "NAYAKENS BOWLING CHAMPIONSHIP 2017" තරඟාවලිය ජනවාරි මස 27 වෙනි දින සවස 6.30 සිට Qatar Bowling Center හිදී පැවැත්වේ. මෙම තරඟාවලිය කටාර් රාජයේ ක්‍රියාත්මක වන ශ්‍රීලාංකික පාසල් ආදී ශිෂ්‍ය සංගම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇත. මෙම තරඟාවලියෙන් ලැබෙන සියලු අරමුදල් ගම්පහ බණ්ඩාරනායක විද්යාලයීය කටාර් ආදී ශිෂ්‍ය සංගමය විසින් ශ්‍රීලංකාවේ දුෂ්කර පළාත් වල පිහිටි පාසල් සුභසාධනය සඳහා යෙදවීමට නියමිතයි. 

මෙම තරඟාවලිය සඳහා පහත සඳහන් කණ්ඩායම් 16ක් ආදී ශිෂ්‍ය සංගම් 13ක් යටතේ සහභාගී වීමට නියමිතයි.


01. අසෝක විද්‍යාලය කොළඹ 10
02. ආනන්ද විද්‍යාලය කොළඹ 10
03. ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට
04. ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර (කණ්ඩායම් 02)
05. ඩී මැසනොඩ් විද්‍යාලය කඳාන
06. හමීඩ් අල් හුසේනි විද්‍යාලය කොළඹ 12 (කණ්ඩායම් 02)
07. මාරිස්ටෙලා විද්‍යාලය මීගමුව
08. වෙස්ලි විද්‍යාලය කොළඹ 09
09. සහිරා විද්‍යාලය කොළඹ 10 (කණ්ඩායම් 02)
10. ශාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල
11. රාජකීය විද්‍යාලය කොළඹ 07
12. සහිරා විද්‍යාලය මාතලේ
13. තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07

           
 තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ Amadeus Qatar සමාගමයි. Shepherd Logistics සමාගම සම අනුග්‍රහයෙන් දායක වේ. 

කටාර්හි වෙසෙන ශ්‍රීලාංකික ඔබ සැමට එදිනට පැමිණෙන ලෙස ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ කටාර් ශාඛාව ආරාධනා කරනු ලබයි. 


RECOMMEND POSTS