MERS-CoV වෛරස අසාදීතයෙක් හමුවේ



ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇතිවන(Middle East respiratory syndrome coronavirus -MERS-CoV) නැමති වෛරසආසාදන තත්ත්වයකට ගොදුරු වු විදේශීය පුද්ගලයකු හඳුනා ගත් බව කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

අවුරුදු 29 ක වයසේ පසුවන අතර ඔටුවන් රැක බලාගන්නෙකු ලෙස කටාර් හි සේවය කරයි.

රෝගි තත්ත්වයක් හේතුවෙන් කටාර් හි හමීඩ් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සිදු කරන ලද මුලික පරීක්ෂණ වලදී නියුමොනියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව තහවුරු වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී අදාල වෛරසය ශරීර ගතවී ඇති බව අනාවරණය වී ඇත.

රෝගියට කිසිදු නිදන්ගත රෝගයක් නොමැති බවත්, පසුගිය සති 2කට ආසන්න කාලයේදී විදේශ ගමන් වල නිරතවී නොමැති බවත්, රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දැනට වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 21 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 7 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ නියුමොනියාව රෝගයේ පොදු ලක්ෂණයන් වන අතර ආසාදනය වූ පුද්ගලයින්ගෙන් 35% පමණ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් www.who.intවෙබ් අවඩියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS