95 දී මංගල සීනු



එමිරේට්යේ රස් අල්-කයීම නගරයේ ජිවත්වනසෙයිඩ් අලි අල්-ෂෙහියිනැමති වයස අවුරුදු අනූපහක (95) පුද්ගලයෙක් වයස අවුරුදු තිහක (30) කාන්තාවක් විවාහ කරගෙන ඇති බව වාර්තා වේ.

විවාහ වු පුද්ගලයාගේ තුන්වන විවාහය මෙය වන අතර දැනට දරුවන් පහළොස් දෙනෙක් සිටින බව වාර්තා වේ.

පිරිමි දරුවන් දස දෙනෙක්ද (10) සහ ගැහැණු දරුවන් පස් දෙනෙක් (05) වන අතර පළමු දරුවාගේ වයස අවුරුදු 50ක් සහ අන්තිම දරුවාගේ වයස අවුරුද්දයි මාස හයක් වේ.  

මංගල උත්සවය පවුලේ සාමාජිකයන්, නැදෑයන් සහ හිතමිතුරන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා රස් අල්-කයීම නගරයේ පැවති අතර මංගල උත්සව අවස්ථාවේදි වයස අවුරුදු 95 පුද්ගලයා සතුටින් සිටින ආකාරය වීඩියෝවල සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS