95 ක් තෝරාගෙන



එමිරේට්ස් අභ්‍යාවකාශ වැඩසටහන යටතේගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යාවකාශයට යැවිමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කටයුතු කළේය.

ගගනගාමීන් ලෙස සේවය කිරීමට කැමති එමිරෙට්ස් තරුණ තරුණියන්ට අයදුම්පත් එවන ලෙස මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පසුගියදා ඉල්ලීමක් කළේය.

එවන ලද අයදුම්පත් හාරදාස් විසිදෙකක් අතරින් විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ, ඉහළ දැණුමක් සහිත අවුරුදු 23-48 වයස් කාණ්ඩයේ අනූපස් දෙනෙක් තෝරා ගත් බවත්,තෝරාගත් කණ්ඩායමට පිරිමින් හැත්තෑපස් දෙනෙක් සහ කාන්තාවන් විසිදෙනෙක්අයත් වන බව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. 

ඉහළ අධ්‍යාපන මට්ටමකින් යුත් පුද්ගලයන් තොරාගැනීමට හැකි වීමත්, ඩුබායි පාලකයාගෙන් ලැබෙන සහයෝගයත්, අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ ලබා ඇති දියණුව ගැන තමන් අතිශයින් සතුටට පත්වන බව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සභාපති, හමාඩ් ඕබයිඩ් අල් මන්සූරි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස්)


RECOMMEND POSTS