92.5% කින් මිල ඉහළ ගිහින්



ඕමානයේ දුම්කොල ආශ්‍රීත නිෂ්පාදනවල මිල ගණන් සියයට අනු දෙකයි දශම පහකින් (92.5%) ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පැවති මිල ගණන් 2019 සැප්තැම්බර් මාසය සමඟ සංසන්දනය කිරිමේදි මිල ගණන් ඉහළ ගොස් ඇත.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මත්පැන් සහ ශක්ති ජනක පානයන්ට 2019 ජුනි මාසයේ සිට බදු අයකිරීම මිල ගණන් ඉහළ යෑමට හේතු වී ඇත. 

සිසිල් බීම (පැණි බීම) සඳහා සියයට පනහක (50%) බද්ධක් අය කිරීම හේතුවෙන් එම බීම වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS