8 දෙනෙක් අත්අඩංගුවට



මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට සහයෝගය දැක්වීම හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙක් ඊජිප්තු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් සහ දේශපාලඥයින් සිටින බව වාර්තා වේ.

කයිරෝ නුවර, ඇලෙක්සැන්ඩ්‍රියා සහ ඉස්මයිලියා නගරවලව්‍යාපාරික ස්ථාන දහනවයක් පරික්ෂා කර ඇති අතර පරීක්ෂාවට ලක් කළ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව විස්තර ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කර නොමැත.

වැටලීම්වලින්ඊජිප්තු පවුම් මිලියන 250ක(ඇමරිකානු ඩොලර් මිලියන 15) මුදලක් සොයාගැනීමට හැකි වී ඇති අතර මුස්ලිම් සහෝදරත්ව සංවිධානය සමඟ ව්‍යාපාරිකයන් සම්බන්ධකම් පවත්වා ඇති බවට වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර) 

RECOMMEND POSTS