669 කට ජනාධිපති සමාව



එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් සිරකරුවන් හයසිය හැට නවයකට සමාව ලබාදෙන ලෙස නියෝග කර ඇත.

සිරකරුවන්ට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයා දෙන ලෙසද එමිරේට්ස් ජනාධිපතිවරයා නියෝග කර ඇත. 

අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමට සහ පවුල්වල ඇති දුෂ්කරතා සමනය කරගැනීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් සිරකරුවන්ව නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS