65 වැඩි නම් අහෝසියි



කුවේට්යේ සේවය කරන විදේශ ශ්‍රමිකයින් වයස අවුරුදු 65 වැඩි නම් ඔවුන්ගේ සේවා ගිවිසුම් අහෝසි කරන ලෙස කුවේට් සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය බාසිල් අල්-සභා නියෝග කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේටයේ අඛණ්ඩව සේවයේ කිරිමට අවශ්‍ය නම් පිළිගත් වෛද්‍යවරයෙකු සහති කරන ලද වසර දෙකක වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු අතරසෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසිද සම්පූර්ණ කළ යුතු වේ.

විදේශ ශ්‍රමිකයින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු ඇගයීමකට ලක් කරන අතර අදාල ඇගයීමෙන් "විශිෂ්ටයි" යන කාණ්ඩයට අයත් වන විදේශ ශ්‍රමිකයින්ට සේවා ගිවිසුම් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අවසර හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS