611ක් කුවේටයෙන් ගිහින්



කුවේටයෙන් විදේශිකයන් හයසිය එකොළොස් දෙනෙක් සිය මව් රටවල් බලා ආපසු ගොස් ඇති බව වාර්තා වේ.

ඊජිප්තු ජාතිකයන් 342 ක්, පිලිපීන ජාතිකයින් 254 දෙනෙක් සහ ගල්ෆ් ජාතිකයන් පිරිසක් එම පිරිසට අයත් වන අතර, නිරෝධායන පියවරයන් අවසන් කිරීමෙන් පසු, කුවේටයෙන් ගොස් ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මේ අතර, ලෙබනනය, ඊජිප්තුව සහ බහරේනය යන රටවලින් කුවේට් ජාතිකයන් 306 දෙනෙකු රැගත් ගුවන් යානා තුනක් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

ඊජිප්තුවෙන් 195ක්, ලෙබනනයෙන් 74 ක් සහ බහරේනයෙන් 37 ක් පැමිණ ඇති අතර, ඔවුන් සියළු දෙනාම පරීක්ෂා කර නිරෝධායනය කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS