60 ක් සුන්බුන් අතරේ අතුරුදන්



බේරූට් පිපිරීමෙන් පසු 60 කට වැඩි දෙනකු සුන්බුන් අතරේ අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතින බවත් ලෙබනන් රජය කියයි.

බේරූට් වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරුමෙන් 154 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 5,000 ක් තුවාල ලබා ඇති බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තුවාල ලැබූ 5,000 අතර 120 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි. මරණයට පත්වුණු 154 දෙනාගෙන් 25 දෙනකු හඳුනා ගැනීමට නොහැකි බවත් පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS