60,000 කට නොමිලේ අන්තර්ජාලය



අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව සෞදි රජය නිවේදනය කරනවා.

අවම වශයෙන් පුද්ගලයන් 60,000කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට හැකිවන පරිදි පොදු ස්ථාවල වයි-ෆයි හොට්ස්පොට් පිහිටුවීමට කටයුතු කරන බව වාර්තා වේ.

පළමු අදියරයේදි රෝහල්, වෙළඳ සැල්, පොදු උද්‍යාන සහ ශුද්ධ මුස්ලිම් පල්ලි දෙක සඳහා නොමිලේ වයි-ෆයි ලබා දෙන බවට සෞදි සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කොමිෂන් සභාව පැවසූ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS