52 ක් මරාදමයි



ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මෙහෙයුම්වල නිරතවන ඊජිප්තු හමුදා සෙබළුන් අයි.එස් ත්‍රස්තවාදීන් පනස් දෙදෙනෙක් (52) පසුගිය දින කීපයේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

අයි.එස් ත්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා “සෙනායි 2018’’ නමින් විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට ඊජිප්තු හමුදාව කටයුතු කළේය.

“සෙනායි 2018’’ හමුදා මෙහෙයුම දියත් කිරීමෙන් පසු ත්‍රස්තවාදීන් දෙසිය පනහකට (250) වැඩි පිරිසක් මියගොස් ඊජිප්තු හමුදා සෙබළුන් තිහකට (30) ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.ඒන්. ඔන්ලයින්


RECOMMEND POSTS