500 කට අලුතින් නිවාස දෙයි



එමිරේට්ස් ජාතිකයන් 500 දෙනෙක්ට අලුතින් නිවාස ලබාදීම සඳහා අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

ෂෙයික් සයීඩ් නිවාස ව්‍යාපෘති අධ්‍යක්ෂ මණ්ඩලය එමිරේට්ස් ජාතිකයන් 500 දෙනෙකුගේ නම් ඊඩ් අල්-ෆිතර් උත්සවයට සමගාමීව අනුමත කර ඇත.

සම්පූර්ණ නිවාසවල මුළු වටිනාකම් එමිරේට්ස් ඩිරාම් මිලියන 486ක් බව සඳහන් වේ.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ 2021 දැක්ම අනුව රට පුරා නිවාස ව්‍යාපෘති දියත් කිරීම තුළින් පුරවැසියන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(එමිරේට්ස් 247, ඩුබායි නුවර)

RECOMMEND POSTS