50 කට ආසාදනය වෙද්දී 4 කට සුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් කොරෝනා (කොවිඩ්-19) රෝගීන් 50 ක් අලුතින් වාර්තා වී ඇති බව එරට මධ්‍ය වාර්තා කරයි. 

කොරෝනා (කොවිඩ්-19) වෛරසයට ආසාදනය වු හතර දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය තහවුරු කර ඇත.

සමස්ථ රෝගීන් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් බහුතරයක් පිරිසආසාදිත පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතාවයන් පැවැත්වීමෙන් පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණ ඇත.

වෛරසය ආසාදනය වී ඇති සියලුම දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත්, දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි.

ආසාදිත පුද්ගලයගේ රටවල්:

ශ්‍රී ලංකාව,එක්සත් රාජධානිය,සෞදි අරාබිය,යේමනය,ටියුනීසියාව, දකුණු අප්‍රිකාව,බෙල්ජියම, දකුණු කොරියාව,බල්ගේරියාව,ප්‍රංශය, චෙක් ජනරජය, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, කෙන්යාව, මාලදිවයින, සුඩානය,ඉරානය,අයර්ලන්තය,මොරොක්කෝව,පාකිස්තානය සහ ස්වීඩනය යන රටවලින් එක් පුද්ගලයෙකු බැගින්ද,

ඉතාලිය,ඊජිප්තුව,එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ජෝර්දානය, පිලිපීනය යන රටවල් වලින් පුද්ගලයන් දෙදෙනෙකුබැගින්ද, එක්සත් ජනපදය,බංග්ලාදේශය සහ පලස්තීන යනරටවලින් තිදෙනෙකු බැගින්ද, ඉන්දියාවෙන් හය දෙනෙක් ද වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS