5 % ක් බදු ගහන්නලු



කුවේටයේ සිටින විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවන මුදල්වලින් 5%ක බදු මුදලක් අයකරගන්නා ලෙස කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇත.

රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව වාර්ෂිකව ඩිනාර් බිලියන ගණනින් මුදල් පිටරටවල්වලට ඇදි යන බව මන්ත්‍රීවරු පිරිස පෙන්වා දෙයි.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනාව කුවේට් මූල්‍ය හා ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව පිළිගෙන කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

5% බද්ධක් පැනවීම මඟින් කුවේට් ආර්ථිකයට අහිතකර ආකාරයෙන් බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බැවින් කුවේට් නීති හා ව්‍යවස්ථාදායක කමිටුව මීට පෙර අවස්ථාවකදී අදාල යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS