400 ක් ගුවනින් මුදා ගැනෙති



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජබෙල් ජයිස් කඳු මුඳුනේ සිර වී සිටි පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මුදවා ගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවකින් කඳු මුදුන නැරඹීමට පිරිස ගොස් ඇති අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ආපසු පැමිණීමට නොහැකිව කඳු මුදුනේ සිර වී සිටි බව වාර්තා වේ.

කඳු මුදුනේ සිරවී සිටි පිරිස බේරාගැනීම සඳහා රස් අල්-කයීමා පොලීසිය හෙලිකොප්ටරයක් යෙදවීමට කටයුතු කර ඇති අතර පැය 15කට වැඩි කාලයක් කඳු මුදුනේ සිර වී සිටීමටඔවුන්ට සිදු වී ඇත.

කඳු මුදුනේ සිර වී සිටි පිරිස මුදවා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS