40,000කට වඩා බලපත්‍ර අරන්



සෞදි අරාබියේ කාන්තාවන් 40,000කට වඩා වැඩි සංඛ්‍යාවක් රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බව වාර්තා වේ.

රියදුරු බලපත්‍ර ලබාගැනීමට පනවා තිබු තහනම ඉවත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍ර ලබාගැනීමට සෞදි කාන්තාවන් දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

දැනට පිහිටුවා ඇති කාන්තා රියදුරු පාසල්වලට අමතරව අලුතින් රියදුරු පාසල් 14ක් ආරම්භ කිරීමට කටයුතු කළ බව සෞදි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් මුහම්මද් අල්-බාසාමි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS