40 % කට කොරෝනා එන්නත දෙයි



ඕමාන් ජනගහනයෙන් 40%කට කොරෝනා එන්නත ලබාදීමට යන බව වාර්තා වේ.

2020 වසර අවසන් වීමට පෙර අදාල එන්නත ලබාදීමට කටයුතු කරන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඕමාන් ජනතාවට කොරෝනා එන්නත ලබාදීම සඳහා ඕමාන් උත්තරීතර සභාව අනුමැතිය ලබාදී ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කරනවා.

ඕමානයට හොඳ එන්නත් කට්ටලයක් වෙන් කර ඇති බවත්, ජනගහනයෙන් 40% කට පමණ එන්නත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS