4,000 ක් පැරැණි පුරාවස්තු



නැගෙනහිර කයිරෝ නුවර සිදුකරන කැණීම්වලදී අවුරුදු 4,000 කට වඩා පැරැණි පුරාවස්තු රැසක් මතු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.

කැණීම් සිදුවන්නේ නැගෙනහිර කයිරෝවේ මටාරියා නගරය ආශ්‍රිතවය. මෙම නගරය, අතීතයේ හීලියෝපොලිස් එසේත් නැතිනම් හිරුගේ නගරය ලෙස හැඳින්වුණු නගරයේ කොටසක් වී තිබුණැයි පැවැසෙයි.

හමුවී ඇති බව පැවැසෙන්නේ, 12 වැනි සහ 20 වැනි සියවස්වලට අයත් පුරාවස්තු රැසකි. ඒවා සොයා ගැනීමේ ගවේෂණයට නායකත්වය දුන්නේ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයකු බව ද ඊජිප්තු පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS