4,000කට පුරවැසිභාවය



කුවේට් පුරවැසිභාවය ලබා දීම සඳහා පුද්ගලයින් 4,000කගේ ලැයිස්තුවක් කුවේට් රජය සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

2019 වර්ෂය අවසන් වීමට පෙර ලයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට කුවේට් රජය කටයුතු කරන බවට කුවේට් ටයිම්ස් පුවත්පතේ සඳහන් කර ඇත.

පුරවැසිභාවය අයදුම් කළ පුද්ගලයන් අතර වෛද්‍යවරු හතර දෙනෙක්ද සිටින බව වාර්තා වේ.

පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නීතියකට අනුව සිදුකෙරෙන අතර වසරකට 4,000 කට වඩා වැඩි පිරිසකට පුරවැසිභාවය ලබා දීමට රජයට නොහැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සෑම වසරකම 4,000 කට වැඩි පිරිසකට පුරුවැසිභාවය ලබාදිය යුතු බවට නීතියෙන් නියම කර නොමැත.

ජානක ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS