350,581ක් ඡන්දය දෙයි



ඕමානයේ පැවති 9වැනි ෂූරා කවුන්සිලයේ මැතිවරණයේදි ඡන්ද ප්‍රකාශ කළ ඕමාන ජාතිකයන්ගේ සංඛ්‍යාව 350,581ක් බව වාර්තා වේ.

ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාවෙන් හරි අඩක් බව මැතිවරණය පිළිබඳව මධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඕමාන් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

කාන්තාවන් දෙදෙනෙක් සූරා මැතිවරණයෙන් ආසන දෙකක් දිනාගැනීමට සමත් වී ඇත.    

ෂූරා මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයන් අතරින් 28 දෙනෙක් ආචාර්ය උපාධියද, 75දෙනෙක් ශාස්ත්‍රපති, 195 දෙනෙක්සාමාන්‍ය උපාධියද, 65 දෙනෙක් උසස් ඩිප්ලෝමාව සහ 274 දෙනෙක් සාමාන්‍ය අධ්‍යාපන ඩිප්ලෝමා  හිමි කර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS