3,650 ක් කුවේටයෙන් පිටවෙලා



කුවේට් අභයන්තර කටයුතු අමාත්‍යයාංශය ජනවාරි 29 දින සිට ප්‍රකාශයට පත් කරන ලද පොදු සමාකාලය යටතේ නීති විරෝධි අන්දමින් කුවේටයේ රැදී සිටි විදේශ ශ්‍රමිකයින්3,650කට ආසන්න සංඛ්‍යාවක්පිට වී ගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඉන්දියානුවන් 1,183ක්, ඊජිප්තු ජාතිකයින් 647ක් සහ පිලිපීන ජාතිකයින් 390ක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපල හරහා තම රටවලට ගොස් ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

නීති විරෝධි පිලිපීන ශ්‍රමිකයින් 7,500ක් පොදු සමාකාලය තුල ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

දැනට ඉන්දීය ශ්‍රමිකයින් 8,500ක් නීති විරෝධිව කුවේටයේ සේවයේ නිරතව සිටින බවට ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පොදු සමාකාලය පෙබරවාරි 22දා අවසන් වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS