22 ක් අත්අඩංගුවට



ඉරානයේ අහ්වාස් නුවර හමුදා පෙළපාළියට ඉකුත් දා එල්ල වුණු වෙඩි ප‍්‍රහාරයට සම්බන්ධයෙන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඉරාන හමුදා බුද්ධි අංශ කියයි.

අත්අඩංගුවට ගත් එම විසි දෙදෙනා සතුව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තිබුණු  බව ද හමුදා බුද්ධි අංශය එරට මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

අෂ්වාස් යනු නිරිතදිග ඉරානයේ කුසෙස්තාන් පළාතේ අගනුවරය. 1980 වසරේ සිට 80 තෙක් කාලයේ ඉරානය සහ ඉරාකය අතර යුද ගැටුම් පැවැතිණි.

එම යුද ගැටුම් සැමරීම වෙනුවෙන්, ඉරානය පසුගිය 23 වැනිදා අෂ්වාස් නුවර එම හමුදා පෙළපාළිය පැවැත්වුණු අතර, තුවක්කුකරුවෝ සිවුදෙනෙක් හමුදා නිල ඇඳුමින් පැමිණ, ඊට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළහ.

වෙඩි ප‍්‍රහාරයෙන් සොල්දාදුවන් පමණක් නොව, හමුදා පෙළපාළිය නැරැුඹීමට රැුස්ව සිටි කුඩා දරුවන් සහ කාන්තාවෝ ද සිටිති. මියගිය හමුදා සොල්දාදුවන් සහ හමුදා නිලධාරීන් අතර, ඉරාන විප්ලවීය හමුදාවේ අට දෙනකු සිටින බව ද පැවැසෙයි.

ප‍්‍රහාරය එල්ල කළේ අෂ්වාස් බෙදුම්වාදී කැරැුලිකරුවන් බවට ඉරාන රජය සහ බුද්ධි අංශ චෝදනා කරයි. ප‍්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති අතර, අෂ්වාස් බෙදුම්වාදීන් පවසා ඇත්තේ තමන් ඉරිදා එම ප‍්‍රහාරය සිදු නොකළ බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS