2026 දී හරිත බලශක්තිය



ඕමාන් රාජ්‍යය 2026 වන විට මෙගාවෙට් 2,500-3,000ත් අතර ප්‍රමාණයක හරිත බලශක්තිය නිපදවීමට සැළසුම් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සුර්ය හා සුළං බලය පමණක් උපයෝගි කරගනිමින් පරිසර හිතකාමි ආකාරයෙන් බලශක්තිය උත්පාදනය කිරීමට අපේක්ෂා කර බවත් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව ඕමාන බලශක්ති හා ජල ප්‍රසම්පාදන සමාගමේ ප්‍රධාන විධයක නිලධාරී,යාකූබ් සයිෆ් හමූද් අල්-කියුමි ප්‍රකාශ කළේය.   

මෙම ව්‍යාපෘතිය ඕමානයේ ක්‍රියාත්මක කරනු ලබන මහාපරිමාණයේ ව්‍යාපෘති වලින් එකක් බව ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS