2022 ලෝක කුසලානයට සූදානම්



2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට ලහිලහියේ සූදානම් වන කටාරය, ලෝක කුසලානය වෙනුවෙන් ඉදිවන ලුසායිල් ක්‍රීඩාංගනයේ නිර්මාණ සැලැසුම් ප්‍රසිද්ධිය කරනු ලැබ ඇත.

ලුසායිල් ක්‍රීඩාංගනය 80,000 ක නරඹන්නන් පිරිසකට ඉඩ පහසුකම් සලසා දෙනු ලැබේ. පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන කටාර් ක්‍රීඩාංගන අතරින් විශාලතම ක්‍රීඩාංගනය මෙයයි. ක්‍රීඩාංගනය ඉදිවෙමින් පවතින්නේ දෝහා සිට කිලෝ මීටර් 15 ක් උතුරිනි.

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙනු ඇත්තේ 2022 නොවැම්බර් 21 වැනිදාය. කටාර් රාජ්‍යය අරාබි රටක් වන අතර, අරාබි ලොවේ රටක පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS