2017 වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමට ඉරානය සුදානම්



තම රටේ නිෂ්පාදනය කරන ලද සරීෆ් සැට් නමින් හදුන්වනු ලබන චන්ද්‍රිකාවක් 2017 මාර්තු 20දින අභ්‍යාවකාශ ගතකරන බව ඉරාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය මුහමද් වයිසි ප්‍රකාශ කලේය.  

2018 මාර්තු 20 වන විට තව චන්ද්‍රිකා 2ක් අභ්‍යාවකාශ ගතකිරීම සදහා ඉරානය සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

මෙම චන්ද්‍රකා 3ම නිෂ්පාදනය කිරීම සදහා දායකත්වය ලබාදී ඇත්තේ ඉරාන විශ්ව විද්‍යාලවල පරියේෂණ මධ්‍යස්ථානවල සිටින තරුණ විශේෂඥයින් විසින් බව අමාත්‍යවරයා සදහන් කලේය. 

ඉරානය දුරස්ථ සංවේදන චන්ද්රකා නිෂ්පාදනය කිරීම සදහා රුසියානු සමාගමක් සමග ගිවිසිමක් අත්සන් කිරීමට යන බව ඔහු ප්රකාශ කලේය. 

මෙම ගිවිසුම අත්සන් කිරීම අවසන් අදියරේ පසුවන අතර, ගිවිසුම සදහා වන මුල්ය ණය ගිවිසුම සකස්කර අවසන් කර ඇති අතර ගිවිසුම අත්සන් කිරීම සති දෙක තුනක් ඇතුලතදී සිදුවන බව අමාත්යවරයා ප්රකාශ කලේය.

ඉරානය සන්නිවේදන චන්ද්‍රිකා නිෂ්පදනය ආරම්භ කර තිබෙන අතර, මෙම ව්‍යාපෘතිය පිළිබද විදේශ රටවල් ගණනාවක් සමග සාකච්ඡාකර ඇති බවත්, සියළුම විස්තර නොදුරු දිනයකදී දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

ඉරානය විසින් 2009 වර්ෂයේදි ඕමිඩ් නම් චන්ද්‍රිකාවක්ද, 2010 පෙබරවාරි මාසයේදි ප්‍රථම වතාවට ජීවින් සහිත යානාවක් කවර්ෂගර් අභයාවකාශ යානය සමග අභ්‍යාවකාශ ගත කරන ලදී.  2015දි ෆාජ්ර් නම් තවත් චන්ද්‍රිකාවක් අභ්යාවකාශ ගත කල අතර එම චන්ද්‍රකාව මගින් පෘතුවියේ නිවරදි සහ ඉහල ගුණාත්මක ඡායාරූප ලබාගැනීම සදහා යවන ලද්දකි.  

 

(ප්‍රෙස් ටීවී පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS