2016 දි අපරාධකරුවන් 13,398ක් අත්අඩංගුවට



අත්‍යාවශ්‍ය සැකකරුවන් 13,398ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පසුගිය වර්ෂයේ (2016) අත්අඩංගුවට ගෙන ඩිරාම් බිලියන 5.1ක් මුදලක් අයකර ගෙන ඇති බවzawya.com වෙබ් අඩවිය වාර්තා කළේය.

බොහෝ අපරාධකරුවන් මූල්‍ය අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයන් බව ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කලීල් ඊබ්රාහි ම්අල්-මන්සූරි ප්‍රකාශ කළේය.

2016 වර්ෂයේදි අත්‍යාවශ්‍ය පුද්ගලයින්ගේ ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කළ අතර එහි 13,652ක නම් සඳහන් කොට තිබිණි.

2015 වර්ෂය සමඟ සංසන්දනය කරන විට 2016 වර්ෂයේ 13% වර්ධනයක් වී ඇති බව වාර්තා වේ.

විදේශ රටවලට අවශ්‍ය පුද්ගලයින් පුද්ගලයින් 227 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහයෝගය දක්වා ඇති අතර ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අවශ්‍ය පුද්ගලයින් 178 දෙනෙකු අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගෙන ඇත.

ණය මුදල් නොගෙවා විදේශ ගතව සිටි පුද්ගලයින් ගෙන් ඩිරාම් බිලියන 1.3 අය කරගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

මූල්‍ය වංචා 89කට (චෙකපත් වංචා) සම්බන්ධ අරාබි ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ලැබූ සුවිශේෂි ජයග්‍රහනයක් වන අතර මුළු මුල්‍ය වටිනාකම ඩිරාම් මිලියන 153ක් වේ.  

ගුවන් මගින් පැමිණිමේදි අපරාධකරුවන් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගැනීමට හැකිවු අතර රට පුරා ඇති පොලිස් ස්ථානයන්ගේ සහයෝගයෙන් අනිකුත් අපරාධකරුවන් අල්ලා ගත් බවත්,සමහර අපරාධකරුවන් රටින් පිටුවහල් කිරීමට කටයුතු කල බවත්, අත්‍යාවශ්‍ය පුද්ගලයින් පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සඳහා රඳවා තබාගත් බව අල්-මන්සූරි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(zawya.com පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS