20 වැනි මංගල උත්වයත් පවත්වයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අනුග්‍රහයෙන් විශාල මංගල උත්සවයක් යේමනයේ මෙචෝ නගරයේ පැවති බව වාර්තා වේ.

මනාල මනාලියන් 200ක් මංගල උත්සවයේදී විවාහ ගිවිස ගෙන ඇති අතර අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන්මංගල උත්සවය පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇත.

විවාහ මංගල උත්සව සඳහා වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමටත්, සමාජ සහජීවනය සහතික කිරීමට සහ

තරුණයන්ට හොඳ ස්ථාවරත්වය ලබාදීමේ අරමුණින් කුමරුගේ උපදෙස් මත විසිවැනි වරටත් මංගල උත්සවය පැවැත් වු බව එමිරේට්ස් රතුඅඩසඳ සංවිධානයේ මහලේකම්, ආචාර්ය මොහොමඩ් ආටෙක් අල්-ෆලාහි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS