20-40 අයට වැඩිපුර කොරෝනා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වයස අවුරුදු 20-40 අතර පුද්ගලයන්ට වැඩි වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එමිරේට්ස්සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය වැඩිපුර ආසාදනය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම වයස්වල පුද්ගලයන්ට කොරෝනා ආසාදනය නොවන බවට ඇති විශ්වාසය නිසා බව සෞඛ්‍ය අංශයේ නිල මාධ්‍ය ප්‍රකාශිකා, වෛද්‍ය ෆරීඩා අල් හොසානිපැවසුවාය.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීම ජාතික වගකීමක් බවත්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් පිළිබඳව අඛණ්ඩව දැනුවත් වීම අත්‍යාවශ්‍ය බව නිල මාධ්‍ය ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS