20 ක් හොරට උපාධි අරගෙන



කුවේට් කාන්තාවන් විසිදෙනෙක් වංචනික ආකාරයෙන් උපාධි ලබාගෙන රැකියාවල නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට කුවේට් පොලීසිය සමත් වී ඇති බව පාර්ලිමේන්තුව අමතමින් කුවේට් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමීඩ් අල්-අසාමි ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිඥවරියක් සහ සමාගමක කළමණාකාරිණියක් සිටින බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

වංචනික ආකාරයෙන් උපාධි ලබාගත් කාන්තාවන්ට විරුද්ධව නීතිමඟින් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS