2,70,000 ක් අවතැන්



නිරිතදිග සිරියාවේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු සිරියානු වැසියන් ගණන 2,70,000 ක් යැයි පැවැසෙයි.

නිරිතදිග සිරියාවේ දෙරා සහ ක්විනිත්‍රා යන පළාත් අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවෙයි.

සිරියානු රජයේ හමුදාව, රුසියානු හමුදාවේ ද සහාය ඇතිව, මෙම පළාත්වල මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙම පළාත් පිහිටා ඇත්තේ ජෝර්දානය සහ ඊශ්‍රායලයට මායිම්වය.

(බී.බී.සී)

 


RECOMMEND POSTS