2,200ක් පිටුවහල් කරයි



කුවේට් රාජ්‍යය පසුගිය මාස දෙකක(ජන:පෙබ) කාලය තුල විදේශිකයන් 2,200ක්  පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

කම්කරු සහ නේවාසික නීති උල්ලංඝනය කිරීම, සුළු සහ බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ වීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම යන ක්‍රියාවන්ට වැරදිකරුවන් වු විදේශිකයන්ව කුවේටයෙන් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.

වැරදිකරුවන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සඳහා  දින තුනේ සිට සතියක කාලයක් ගත වී ඇති බව වාර්තා වේ. .

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS